
(ජයරත්න වික්‍රමාරච්චි)
අංගමුව සහ රාජාංගනය ජලාශය ඇතුළු වැව් පිටාර ගැලිම නිසා පුත්තලම අනුරාධපුර මාර්ගයේ කලාඔය පාලම අසල සිර වූ බස් රථයේ සිටි පිරිස බේරා ගැනීම කාලගුණය නිසා දැඩි අපහසුතාවයක් පවතින බව තහවුරු නොවූ පුවත් වාර්තා කරයි.
එම පිරිස අසල ගොඩනැගිල්ලක වහල මත සිටින බවත් ඒ අතර යාපනය ප්‍රදේශයේ විනිසුරුවරයකු ද සිටින බව ආරංචි මාර්ග කියයි.
මෙම පිරිස බේරාගැනීමට ආ නාවික හමුදාවට සහ ගුවන් හමුදාව පවතින කාලගුණය හරස් වි ඇති බව ද තහවුරු නොවූ පුවත් වාර්තා කරයි. මෙම ප්‍රදේශයේ පවතින අධික වර්ෂාව, විදුලි විසන්ධි වීම සහ දුරකතන සංඥා ක්‍රියාවිරහිත වීම නිසා නිවැරදි තොරතුරු දැන ගැනීමට අපහසු වී ඇත. මෙම සිද්ධිය වූ ස්ථානය මේ වන විට මාර්ගයේ සිට අඩි 10ක පමණ උසකින් මාර්ගය යටවී ඇති අතර බස් රථයට සම්පූර්ණයෙන්ම යටවී ඇතැයි අපවාර්තාකරුවෝ කියා සිටිති.




----------------------------------------------------
අනුරාධපුර - පුත්තල මාර්ගයේ කලාඔය පාලම මත සිරවු බස් රථයේ සිටින මගීන් බේරා ගැනීමේ මෙහෙයුම් නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව ආරම්භ කර ඇත.
එම බස් රථයේ මගීන් 70ක් පමණ සිරව සිටින අතර මෙ වන විට අඩි කීපයක් උසට බස් රථයට ජලය පිරෙමින් තිබෙන බව තහවුරු නොවූ ආරංචි මාර්ග කියයි.

